බක් පොහොයේ වැදගත්කම
පුණ්‍ය සම්පතින් පිරී ගිය බෝසත් සිද්ධාර්ථ කුමරුන් හට සතර පෙරනිමිති දැක්වීම අරඹමින් දෙවිවරුන් විසින් මහල්ලකුගේ රුවක් දකින්නට සැලැස්වූයේ අද වන් බක් පුන් පොහෝ දිනයක ය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවන වරටත් හෙළ දිවයින අතී පූජනීය කරවමින්, චූලෝදර-මහෝදර නා රජවරුන්ගේ සංග්‍රාමය වළකාලමින් නාගදීපයට වැඩම කොට වදාළේ ද බක් පුන් පොහෝ දිනයකයි.
නවම් පුරපසළොස්වක පොහොයේ වැදගත්කම
සම්බුදු සසුන ඇතිවීමෙන් පසු එහි ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වූයේ නවම් පොහෝ දිනෙකයි.රජගහ නුවර වේළුවනාරාමයෙහි පවත්වන ලද මෙම මහා සඟ සමුළුව අනාගත ශාසනය පිළිබඳ වැදගත් තීරණ කීපයක් ගැනීම නිසා ඉතා වැදගත් වන බව පෙනේ. මේ සඳහා මහරහතන් වහන්සේලා 1250 ක් පමණ සහභාගි වූ බව ශාසන ඉතිහාසය මඟින් අනාවරණය කෙරේ. මෙය මෙතෙක් ලෝකයෙහි මුළු දුන් ප්‍රථම රහත් සංඝ සන්නිපාතය ලෙස ඉතිහාස ගතව ඇත.ක්‍රියාශීලී,විනයගරුක භික්‍ෂූන් වහන්සේලා සඳහා ප්‍රථම වරට තනතුරු ප්‍රදානය කිරීම මෙම සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි.
දුරුතු පොහොයේ වැදගත්කම
යක්‍ෂ හා නාග ගෝත‍්‍රිකයන් අතර පැවති අරගලය දුරු කිරීමට බුද්ධත්වයෙන් නව මසකට පසු මහියංගනයට වැඩම කිරීමෙන් සිදු වූ බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම ලංකාගමනය.
සුමන සමන් දෙවියන්ට කේෂ ධාතු පිළිගැන්වීම හා
එම කේෂ ධාතු නිධන් කොට මහියංගන චෛත්‍ය ඉදිකිරීම.
මැදින් පුන් පොහොයේ වැදගත්කම
• සුද්ධෝදන රජතුමා තම පුතණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්රරථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් “කාළුදායි ඇමති” පිටත් කොට උන් වහන්සේව “ශාක්යද දේශය”(වර්ථමානයේ නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.
• අනෙකුත් ශාක්යා වංශික රජවරු, කුමාරවරු ඉතාමත් මාන්නාදික පිරිස් වූහ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වුවද තමන්ට වඩා වයසින් බාල නිසා උන් වහන්සේට වැද නමස් කාර කිරීමට පසුබට විය. මෙය තේරුම් ගත් අප බුදු පියාණන් වහන්සේ ඔව්න්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට නැග “යමා මහ පෙළහර” පෑ සේක.එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියණන් වහන්සේ හට) තෙවන වරට වදින ලද්දේ මැදින් පුන් පොහොය දිනයේය.
• බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියළු සුඛ විහරන අත් හැර අල්පේච්ච ජීවිතයක් ගත කළ “යසෝදරා” දේවිය බැහැ දැකීමට “කිඹුල්වත් නුවරට” වැඩම කල බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට “සඳ කිඳුරු” ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් මාසයේදීය.
• අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “කිඹුල්වතට” වැඩම කර පිළිවලින් තෙවන හා සත් වන දිනයන්හීදී “නන්ද” කුමරුන් වත් “රාහුල” කුමරුන්වත් පැවදි කළ සේක. යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන් හට “නරසීහ ගාථා” හා පිය ගුණ කියා දී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන් වහන්සේ සතුව ඇති වස්තුව, තම උරුමය ලබා ගන්න යැයි පවසමින් රාහුල කුමරුන් එමගට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසු පස විහාරයට වැඩම කලේය. ඉන් පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවදි කරන මෙන් සැරියුත් තෙරුණ් හට වඳාල සේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමව්පියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිදෙන සම්බන්ධය පිළිබදව බුදුන් වහන්සේ හට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහණ නොකරන මෙන් ඉල්ලා සිටියේය. එ හේතුවෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසිදිනක දී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවදි කරනොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහොය දිනයකදීය.
• පසුව අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩම කර දානය වළදා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට “ධර්මපාල ජාතකය” වදාල සේක. ඉන් පසු සුද්ධෝදන රජු “අනාගාමී ඵලය” ලබාගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දිනය ඇසුරින් සිදුවිය.
• වර්ථමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්රීව පාද පද්මය පිහිටා ඇති “ශ්රීු පාද” වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි.
-සසර තරණය පිටුවෙනි-