skip to main |
skip to sidebar
ඔබේ ජීවිතයට
- වැඩිහිටියනට වඳින ස්වභාව ම ඇත්තා වූ, නිතර වැඩිහිටියන් පුදන්නා වූ තැනැත්තා හට ආයුෂය, ශරීර වර්ණය, සැපය, බලය යන ධර්මයෝ සතරදෙන මෙලොව ම වැඩෙත්, මෙලොව මෙසේ මහත් අනුසස් ලබාදී පරළොව උසස් උත්පත්තියක් ලබාදෙයි. ස්වර්ඟමෝක්ෂ සම්පත් සලසා දෙයි. - ධම්ම පදයෙනි
- මුල් හයියට තියෙන,හොඳට වැඩුණු ගහක්,කොච්චර වතාවක් කැපුවත්,ආයෙ ආයෙමත් දළු දාල වැඩෙනවා.ඒ වගේ,මේ සිත ඇතුලේ තියෙන තණ්හාව උදුරා නොදමනතාක් කල්,මේ සසර දුක ආය ආයෙමත්,හටගන්නවා. - ධම්ම පදයෙනි
- මේ ලෝකයේ බොහෝ දෙනා දුශ්ශිලය,එහෙයින් ඔවුන් තම තමන්ට කැමති ලෙස කටට ආ සෑම දේම පිට කරමින් ඇණුම් බැණුම් කියමින් හැසිරේති,එ නිසා යුධ බිමෙහිදි කලබල නොවී හී පාරක් ඉවසන ඇතෙකු මෙන් මමද නොයෙක් අය විසින් කියන පරුෂ වචන හා ඇණුම් බැණුම් ඉවසන්නෙමි.
- සක්විති රජකමට ද වඩා,ස්වර්ගයට යාමටද වඩා,සියලු ලොව අධිපති වීමට ද වඩා සොවාන් ඵලය උතුම්ය.
- යමෙක් බැරිවීමකින් වත්, අසත්පුරුෂයින් හා එක්වීමකින් වත්, පවක් කලත්, එය නැවත නැවත නොකල යුතුය. පවට ආශා නොකල යුතුය. කුමක් නිසාද? පවු රැස් කිරිම දෙලොවම දුකට හේතු වන හෙයිනි. - ධම්ම පදයෙනි
- පැහැපත් මලක් වුවද එහි සුවද නැතිනම් වටිනාකමක් නැතිවාක් මෙන්... බුද්ධ වචනය දැන ඉගෙන එය නොපිළිපදින්නාට එයින් ඵලක් නැත. - ධම්ම පදයෙනි
- විශ්වයෙහි නොවෙනස්ව වන එකම දෙය වෙනස්වීමයි, ලොව පවත්නා සියල්ලෙහි අනිත්‍ය ස්භාවය ඇසිපිය ගසන මොහොතක් හෝ මෙනෙහි කිරීම ඉතා ප්‍රබල කුසලයක් වේ.
- වෑයම් කරන්න,උපන් කුසල් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට... උපන් අකුසල් වහවහා නැතිකර ගැනීමට... නූපන් කුසල් වහවහා උපදවා ගැනීමට... නූපන් අකුසල් ඉපදීම වළක්වා ගැනීමට...
0 comments:
Post a Comment