කයෙන් එහා ....
මගේ සිරුරත් මොහොතින් මොහොත වෙනස් වෙමින් යනවා. ළදරු කාලයේ, ළමා කාලයේ, තරුණ වයසේ, වැඩිහිටි වයසේ පින්තූර එකින් එකට සසඳා බලද්දී ළදරු වියේ තිබුණු රූපයට වඩා හාත්පසින් ම වෙනස් රූපයක් බවට එය මෙලෙස පත් ව තිබෙනවා. දින, සති, මාස, අවුරුදු ගණන්වලින් කාලය ගෙවී යද්දී උස-මහත, හැඩ-රුව ආදි ශරීරයේ සියලු අඟ-පසඟවල බාහිර පෙනුම වෙනස් වෙමින් ඇවිත්. ළදරු විය ඉක්මවා ගොස් ළමා විය එළැඹෙන විට සමේ ඇති සියුමැලි බව නැති ව යනවා. ඊළඟට තරුණ විය පැමිණෙන විට ශරීරයේ ඇති ශක්තිමත් බව, බාහිර පෙනුම, නීරෝගි බව ආදි මේ සියලු දේ නිසා සිතට පවා මහා උද්යෝගීමත් ක්‍රියාශිලී බවක් ඇති වෙනවා. එහෙත් මේ සියලු දේ අනිත්‍යයට යන දේවල්.
තරුණ වියේ තිබුණු පැහැපත් බව, ශරීර ශක්තිය, නීරෝගි බව, ක්‍රියාශිලී බව මේ සියල්ල ක්‍රමයෙන් නැති වෙමින්, වැඩිහිටි වියට පැමිණෙන, මේ ගෙවී යන වැඩිහිටි වයසත් තව අවුරුදු කිහිපයකින් ගෙවී යද්දී මහලු වියට පත් වේවි. සිරුරේ ශක්තිමත් බව වෙනුවට අප්‍රාණික බව ඇති වේවි. නීරෝගි බව වෙනුවට ලෙඩ-දුක් එන්න-එන්න ම වැඩි වේවි. මොහොතින් මොහොත මරණය මා කරා ළං වන දිනය පැමිණේවි. මරණයෙන් ගැලවෙන්න කිසිවකුට හැකියාවක් නැහැ. ඉපදුණ සියලු සත්ත්වයා මරණයට පත් වෙනවා. මරණය දුකක්. එය බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා. ලෝකයේ පහළ වූ සියලු බුදු රජාණන් වහන්සේලාගේ ජීවිත පවා පිරිනිවීමෙන් අවසන් වුණා. ඉපදීම නිසා ම යි මරණ දුක ලැබෙන්නේ. ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය, කැමති දේ නොලැබීම මේ සියල්ල දුකක් බව බුදුන් වහන්සේ මුල් ධර්ම දේශනයේ දී ම පෙන්වා දී තිබෙනවා.
ගෙවී ගිය කා
ලය තුළ දී මගේ ශරීරයට වැලඳුණ රෝග පීඩාවන් නිසා දුක් විඳි වාර ගණන කොපමණ ද? ශාරීරික පීඩාවන් නිසා ලැබුණ මානසික වේදනාව ඊටත් වඩා වැඩියි. ලෙඩ රෝග නැති ව ඉන්න කොපමණ කැමති වුණත් එය එසේ වන්නේ නැහැ. අද ලංකාවේ රෝහල්වල පමණක් නොයෙක් අසාධ්‍ය රෝග-පීඩාවන්ගෙන් දුක් විඳින ජනතාව කොපමණ සිටිනවා ද? පිළිකා රෝහලේ මරණය පෙනි-පෙනී සිතින් දුක් විඳින, වේදනාවෙන් මිරිකී ජීවත් වන අසරණ රෝගීහු කොපමණ ද? ඒ වගේ ම අංශභාගය, මොළයේ ගෙඩි, භයානක උණ, හදිසි අනතුරු ආදියෙන් දුකින් දුකට පත් ව මරණයට මුහුණ දෙන අය කොපමණ ද? පුංචි ම පුංචි මදුරුවකුට වුණත් මේ ශරීරය මරණයට පත් කරන්න පුළුවන්. ඒත් එය අපට ඕනෑ විදියට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. ලෙඩ-රෝග නවත්වන්න බැහැ. වයසට යන විට ශරීරය ජරාවට පත් වීම නවත්වන්න බැහැ.
ලය තුළ දී මගේ ශරීරයට වැලඳුණ රෝග පීඩාවන් නිසා දුක් විඳි වාර ගණන කොපමණ ද? ශාරීරික පීඩාවන් නිසා ලැබුණ මානසික වේදනාව ඊටත් වඩා වැඩියි. ලෙඩ රෝග නැති ව ඉන්න කොපමණ කැමති වුණත් එය එසේ වන්නේ නැහැ. අද ලංකාවේ රෝහල්වල පමණක් නොයෙක් අසාධ්‍ය රෝග-පීඩාවන්ගෙන් දුක් විඳින ජනතාව කොපමණ සිටිනවා ද? පිළිකා රෝහලේ මරණය පෙනි-පෙනී සිතින් දුක් විඳින, වේදනාවෙන් මිරිකී ජීවත් වන අසරණ රෝගීහු කොපමණ ද? ඒ වගේ ම අංශභාගය, මොළයේ ගෙඩි, භයානක උණ, හදිසි අනතුරු ආදියෙන් දුකින් දුකට පත් ව මරණයට මුහුණ දෙන අය කොපමණ ද? පුංචි ම පුංචි මදුරුවකුට වුණත් මේ ශරීරය මරණයට පත් කරන්න පුළුවන්. ඒත් එය අපට ඕනෑ විදියට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. ලෙඩ-රෝග නවත්වන්න බැහැ. වයසට යන විට ශරීරය ජරාවට පත් වීම නවත්වන්න බැහැ.
හැබැයි ජරාව දකින්නට මහලු වයස එන්නම ඕනෙ නැහැ. කුඩා කාලයේ පටන් ඕනෑ ම වයසක දී ලෙඩ-දුක් නිසා ජරාව අප කරා ළං වෙනවා. සමහර අංගවිකල දරුවන් ඉපදුණ දවසේ පටන් අවුරුදු විස්සක් විතර ජීවත් වුණත් තමන්ගේ ඔළුව උස්සාගන්න වත් බැහැ. පෙර කළ අකුසල කර්මවල විපාක නිසා වැඩිහිටියන්ගේ උපකාරය නැත් නම් ඒ අයට මල-මූත්‍ර ගොඩේ ම වැතිර ඉන්න සිදු වෙනවා. මේ ශරීරය පෙර කළ කර්මවලට අනුරූප ව සකස් වුණ දෙයක්. අපට ඕනෑ විදියට වෙනස් කරන්න බැහැ. ඉපදෙන විට ම අන්ධ වෙලා, නැත් නම් අතපය කොර වෙලා, මන්දබුද්ධික වෙලා, ගොළු වෙලා, බිහිරි වෙලා, මෙලොවට බිහි වෙන්න පුළුවන්. මෙවැනි උපතක් ලැබීම මොන තරම් දුකක් ද?
ඒ වගේ ම මතුපිට සම නිසා කෙනෙකු ඉතා ලස්සන කෙනකු වෙන්න පුළුවන්. ඒත් සම ඇතුළු පැත්තේ තිබෙන සියලු දේ දුගඳ හමන අපවිත්‍ර දහජරා ගොඩක්. තමන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් දුගඳ හමන කුණු කයක් බව, වක්කලී හිමියන් බුදු සිරුර දෙස ආශාවෙන් බලා සිටින විට බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. අඨවි, ආපෝ, තේජො, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වුණ මේ ශරීරයේ සෑම කොටසක් ම අපවිත්‍ර, පිළිකුල් සහගත දෙයක් ම යි. ලෙඩ-රෝගවලට බඳුන් වෙනවා. අනිත්‍යයෙන් අනිත්‍යයට යන දුක් ලබා දෙන දෙයක් ම යි. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, ප්ලීහාව, පෙණහලු, මහ බඩවැල, කුඩා බඩවැල, නොදිරවූ ආහාර, අසූචි, මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳ මිදුළු, මූත්‍ර යන කුණප කොටස් තිස්දෙකෙන් මේ ශරීරය සැදී තිබෙන බව බුදු පියාණන් පෙන්වා දී තිබෙනවා. මේ සියලු කොටස් බෙහෙවින් අපවිත්‍ර, පිළිකුල් දේවල් ම යි. මේ සැම කොටසකින් ම එකිනෙකට වෙනස් දුර්ගන්ධයන් හමනවා.
කුඩා අවධියේ පටන් මේ දක්වා ඒ සැම ශරීර අංගයක් ම මෝරායමින් දිරාපත් වන ස්වභාවයට ළං වෙමින් තිබෙනවා. තරුණ වියේ දී පැහැපත් ව නීරෝගි ව පෙනුණ කෙස් කලඹ සුදු පැහැය ගනිමින්, එකින් එක ගැලවෙමින් දිරා යන බව, අනිත්‍ය බව පෙන්නුම් කරනවා. දත් ටික මෝරා ඇදෙන්නට පටන් අරගෙන, සමහර දත් කැඩී යනවා. කුඩා කාලයේ ලස්සනට රෝස පැහැයට තිබුණු නියපොතු කහ පැහැයට හුරු බොර පැහැයක් ගැන්විලා. සමේ නහර වැල් මතු වෙමින්, රැලි වැටෙන්න පටන් අරගෙන… මෙහෙම පිටට පෙනෙන දේවල් වගේ ම ඇතුළත අවයව සියල්ලත් මෝරා යමින් දිරාපත් වන කාලය ළං වෙමින් තිබෙන බව හැඟෙනවා. ලෙඩ-රෝග එන්න එන්න ම වැඩියි. තරුණ වියේ දී තිබුණු ශරීර ශක්තිය හීන වෙලා. ශාරීරික දුක්-වේදනා එන්න එන්න ම වැඩි යි. ශරීරයේ සැම කොටසක් ම මොහොතින් මොහොත වෙනස් වෙනවා. මෝරා යනවා.
අනිත්‍යයට යන බව හඟවනවා. මරණයට මොහොතින් මොහොත ළඟා වෙනවා. මරණයට පත් වූ සිරුරත් වෙනස් වෙනවා. සම, මස්, නහරවැල් දිය වෙනවා. කුණු වෙමින් පණුවන් ගහනවා, ඇට කටු ටික පමණක් ඉතිරි වෙනවා. ඇටසැකිල්ලත් දිරා පත් ව මහ පොළොවට පස් වී පොළොවේ පසටම එකතු වෙනවා. ආපෝ ධාතුව (වැගිරෙන ජල කොටස්) පොළොවේ ජලයට එක් වෙනවා. තේජෝ ධාතුව (උණුසුම) බාහිර උණුසුමට එක් වෙනවා. ශරීරයේ ඇති වාතය බාහිර වාතයට එක් වෙනවා. අඨවි ධාතුව (තද ගතිය ඇති දේ) පොළොවේ පඨවියට එක් වෙනවා. එවිට ශරීරයක් ඇත්තේ නැහැ. මම, මගේ හැටියට කිසිවක් ඉතිරි වන්නේ නැහැ. හිස් බවක් පමණ යි ඉතිරි වන්නේ.
මෙය මගේ ශරීරයට පමණක් සිදු වන දෙයක් නො වෙයි. සැම සත්ත්වයකුගේ ම මරණයෙන් පසු ව ශරීරයක් ඉතිරි නොවී ඒ සියලු දේ ම බාහිර සතර මහා ධාතුන්ට ම එකතු වෙනවා. ඉතිරි වන කිසිවක් නැහැ. මගේ දෙයක් නම් මරණය නවත්වන්න නැති වෙන්න ඕනේ. ලෙඩ වීම, වයසට යෑම, මරණය නවත්වන්න බැහැ. මැරුණු ශරීරයත් කුණු වී මහ පොළොවට පස් වී යන තුරු ම වෙනස් වෙනවා. මේ අනිත්‍යයට යෑම නවත්වන්න බැහැ. කුඩා බිලිඳකු ළමයකු වෙන්නේ අනිත්‍යයට යන නිසයි. ළමයකු තරුණයකු/තරුණියක වන්නේ, තරුණ බව නැති වී වැඩිහිටියකු වන්නේ, වැඩිහිටි බව නැති වී මහලු වයසට යන්නේ, මරණයට පත් වන්නේ මේ අනිත්‍යයට පත් වීම නිසා ම යි.
මේ ශරීරය මට අවශ්‍ය කාලයක් දක්වා පවත්වාගෙන යන්න බැහැ. කුඩා කාලයේ දී, ළමා කාලයේ දී, තරුණ වියේ දී මැරෙන්න පුළුවන්. සමහර විට මව් කුස තුළ දී ම නැත් නම් ඉපදුණ ගමන් ම මැරෙන්න පුළුවන්. මරණයට දිනයක්, වේලාවක්, නියමිත වයසක්, ස්ථානයක් නැහැ. ඕනෑ ම වයසක දී ඕනෑ ම තැනක දී මැරෙන්න පුළුවනි.
ඒ වගේ ම මේ ශරීරයට ඇති වන වේදනාවන් නවත්වන්න බැහැ. කූඹියකු, මදුරුවකු කෑවත් දැනෙන වේදනාව මට ඕනැ විදියට නවත්වන්න බැහැ. තද රස්නය නිසා ශීතල නිසා ශරීරයට වේදනා ලැබෙනවා. සමහර රටවල ශීතල, උෂ්ණය දරාගන්නට නොහැකි ව මිනිසුන් සිය දහස් ගණන් මැරෙනවා. විෂඝෝර සතුන් දෂ්ට කිරීම නිසා තද වේදනා විඳින්න සිදු වෙනවා. ඇතැම් විට මරණය පවා සිදු වෙනවා. කැලෑබඳ පළාත්වල ජීවත් වෙන අය වල් සතුන් නිසා නොයෙක් හිරිහැර පීඩාවන්ට පත් වෙනවා.
නොයෙක් බරපතළ ලෙඩ දුක් නිසා මේ ශරීරයට දරන්නට අපහසු දුක් ලැබෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මේ ශරීරය අනිත්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, අශුභ වශයෙන්, දකින ආකාරය පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම ශරීරයේ බොහෝ ආදීනව ඇති බව පෙන්වා දී තිබෙනවා. එහි දී මේ සිරුරට වැලදෙන ලෙඩ-රෝග නිසා සත්ත්වයා දුකින් දුකට පත් වෙන බව පෙන්වා දී තිබෙනවා. මනුෂ්‍යයකුට නම් කාගේ හරි උපකාරයක් සැප-සාත්තුවක් ලබාගන්න පුළුවනි. බෙහෙතකින් යම් තරමකට හෝ වේදනා අඩු කරගන්න පුළුවනි. ඒත් තිරිසන් සතුන්, කැලෑවල ජීවත් වන කෝටි ගණන් සතුන් ලෙඩ දුක් නිසා අනන්තවත් දුක් විඳිනවා. නිරාහාර ව මිය යනවා. තමන්ට වඩා ජව සම්පන්න සතුන්ගේ හිරිහැර-පීඩාවලට ලක් වෙනවා.
මේ සියලු දුක් ඇති වන්නේ ඉපදීම නිසයි. ඉපදීම නිසා ශරීරයක් ඇති වෙනවා. ශරීරයත් සමඟ ම බද්ධ වී පවතින සිත නිසා සිරුරට ඇති වෙන සියලු සැප, දුක්, උපේක්ෂා වේදනා දැනෙනවා. සිත අක්‍රිය ව පවතින වේලාවක සිරුරට මොන ම හානියක් වුණත් දැනෙන්නේ නැහැ. සිත තිබෙන නිසා තමයි ශරීරය ඇති බව දැනෙන්නේ. ශල්‍යකර්මයක දී සිත ක්‍රියාත්මක නොවන නිසා ශරීරයේ අඟ-පසඟ ඉවත් කළත් දැනෙන්නේ නැහැ. නැත් නම් සිරුරට කූඹියෙක්, මැස්සෙකු, මදුරුවෙකුගේ ස්පර්ශය පවා දැනෙනවා. සිරුර පුරා ම විසිරී පවතින, මොළය හා සම්බන්ධ ස්නායු පද්ධතිය නිසා ඉතා කුඩා ස්පර්ශයක් වුණත් දැනෙනවා. විදුලි රැහැන්වලින් ක්ෂණයකින් විදුලිය ගමන් කරන්නා සේ මොළය දක්වා දිව යන ස්නායුවලින් ක්ෂණයකින් පණිවිඩ හුවමාරු වෙනවා. ඒ නිසා ක්ෂණයකින් ශරීරයේ ඕනෑ ම තැනකට සිදු වන ඕනෑ දෙයක් දැනෙනවා. අංශභාග රෝගය වගේ අසනීපයක දී ස්නායු ශක්තිය දුර්වල වීම නිසා අත-පයවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා; හිරි වැටෙනවා. එවිට ශරීරයේ එම කොටස් තිබුණාට දැනෙන්නේ නැහැ.
කයත්, බාහිර රූපයත් කාය විඤ්ඤාණයත් නිසා කාය සම්පස්සය ඇති වෙනවා. ස්පර්ශය හඳුනාගන්නා ආකාරයට අනුව සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. හොඳ සීතල සුළං රැල්ලක් ඇඟට ස්පර්ශ වෙන විට සැප සහගත වේදනාවක් දැනෙනවා. වේදනා පච්චයා තණ්හා. ඒ සුවයට ආශා කරනවා. නැවත ඒ සුවය විඳීමට සිතින් කැමැත්තක් ඇති වෙනවා. තණ්හා පච්චයා උපාදානං. උපාදානය හෙවත් සිතින් ඇති වන තද කැමැත්තට අනුව සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලිවලට නැවත නැවත බැඳෙනවා.
ඒ වගේ ම තද රස්නය වේලාවක දී සිරුරට අපහසුවක් දැනෙනවා. එවිට දුක් සහගත සිතිවිලි ඇති වෙනවා. රස්නය ගැන නුරුස්නා සිතක් ඇති වෙනවා. ඒ අනුව අකුසල් සිතිවිලි ඇති වෙනවා. හේතුව ඇති වන විදියට සැප, දුක්, උපේක්ෂා වේදනා ඇති වෙනවා. හේතුව නැති වී යන විට එයට අනුරූප ව ඇති වූ වේදනාවත් නැති ව යනවා. සිරුරට දැනෙන සැපය නිසා සතුටත්, දුක නිසා අසතුටත් වගේ ම මැදහත් සිතිවිලිත් ඇති වෙනවා. මේවා අපට අවශ්‍ය විදියට පාලනය කරන්න හෝ නවත්වන්න බැහැ.
සිත ක්‍රියාත්මක ව පවතින තුරු සිරුරට ඇති වන සියලු සැප, දුක්, උපේක්ෂා ස්පර්ශයන් නිසා ඒ අනුව විඳීමත්, සිතුවිලි සකස් වීමත් නවතින්නේ නැහැ. හේතූන්ට අනුව සකස් වන හේතූන් නැති ව යන විට නැති වී යන පටච්ච සමුප්පන්න, ධර්මතාවක් පමණ යි. සිත ඉවත් ව ඇති නිසා මළ මිනියකට ඒ කය ඇසුරු කරගෙන කිසි ම දුකක් ඇත්තේ නැහැ. භාවනාවක් කරන විට ගැඹුරු සමාධිමත් අවස්ථාවක දී සිරුර නොදැනී යනවා. එවිට පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා. සමාධියෙන් මිදෙන විට නැවත ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒ විගස ම අර තිබුණ සැහැල්ලු සුවය නැති වී දුකක්, අපහසුවක් ඇති වෙනවා.
සිත ක්‍රියාත්මක ව පවතින තුරු සිරුරට ඇති වන සියලු සැප, දුක්, උපේක්ෂා ස්පර්ශයන් නිසා ඒ අනුව විඳීමත්, සිතුවිලි සකස් වීමත් නවතින්නේ නැහැ. හේතූන්ට අනුව සකස් වන හේතූන් නැති ව යන විට නැති වී යන පටච්ච සමුප්පන්න, ධර්මතාවක් පමණ යි. සිත ඉවත් ව ඇති නිසා මළ මිනියකට ඒ කය ඇසුරු කරගෙන කිසි ම දුකක් ඇත්තේ නැහැ. භාවනාවක් කරන විට ගැඹුරු සමාධිමත් අවස්ථාවක දී සිරුර නොදැනී යනවා. එවිට පුදුම සැහැල්ලුවක් ඇති වෙනවා. සමාධියෙන් මිදෙන විට නැවත ශරීරය දැනෙන්න පටන් ගන්නවා. ඒ විගස ම අර තිබුණ සැහැල්ලු සුවය නැති වී දුකක්, අපහසුවක් ඇති වෙනවා.
සිරුරේ සියලු දුක් සිත පවතින නිසා දැනෙන බව, විඳින්නට සිදු වන බව එවිට වැටහෙනවා. එනිසා මේ සිතේ පැවතීම නිසා ම යි කයට ඇති දුක් දැනෙන්නේත්. සිතත් කයත් දෙකේ පැවතීම ම යි දුක. පංච උපාදාන ස්කන්ධය පහළ වීම ම දුකක් බව බුදු පියාණන් පෙන්වා දී ඇත්තේ ඒ නිසා ම යි. සිතත්, කයත් නොපැවතීම ම යි සැපය. සැප වේදනාවක් වුණත් එය හැම විට ම පවතින්නේ නැහැ; අනිත්‍යයට යනවා. ඒ අනුව ඇති වන සිතිවිලිත් එලෙසින් ම නැති ව යනවා. දුක් වේදනාවත් හැම මොහොතේ ම එක විදියට පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. නැති ව යනවා. ඒ අනුව ඇති වන සිතිවිලිත් නැති ව යනවා.
ජීවිත කාලය පුරා විඳින ලද සැප, දුක්, උපේක්ෂා වේදනා සියල්ල මේ මොහොත වන විට නැති ව ගිහිං ඉවරයි. දැන් මේ මොහොතේ දැනෙන වේදනාවත් ක්ෂණයකින් නැති වෙනවා. ඒ සිතිවිලිත් ඒ මොහොතේ ම නැති වෙනවා. ඉතිරි වන කිසිවක් නැහැ. මැරෙන විට ඒ මොහොතේ ඇති වන වේදනාවත්, ඒ සිතිවිලිත් කුමක් වුණත් මේ ශරීරය එතැන දී අත්හැරදමා යනවා. ජීවිත කාලය පුරා ම මම මගේ කියා සිතූ සිරුර අත්හැරදමන්නට සිදු වෙනවා. ඉන් පසු ව ඒ තිබුණු කය ඇසුරු කරගෙන ඇති වූ වේදනා නැවත ඇති වන්නේ නැහැ. ඒ ලෙසින් ඒ කය ඇසුරු කරගෙන නැවත සිතිවිලි සකස් වෙන්නේත් නැහැ. එහෙත් මැරෙන මොහොතේ ඇති වූ අවසාන සිතිවිල්ලට අනුව ඊළඟ ප්‍රතිසන්ධිය ඇති වෙනවා.
මගේ පියා, මව, නෑදෑහිතවතුන් මරණයට පත් වුණා. ඒ අයගේ මතකය පමණ යි අද ඉතිරි ව ඇත්තේ. ඒ අයගේ සිරුරු සියල්ල පොළොවට එක් වුණා. බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ආදාහනයෙන් පසු ව ඉතිරි ව ඇත්තේ අස්ථි ධාතු කිහිප නමක් විතර යි. අද අපට වන්දනා-මාන කරන්නට ඒවා ඉතිරි ව ඇතත් බුද්ධ දේශනයට අනුව මේ බුද්ධ ශාසනය අවසානයේ දී ඒ අස්ථි ධාතුන් වහන්සේලාත් ධාතු පරිනිර්වාණයෙන් නැති ව යනවා.
එසේ වූ මේ ශරීරය ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙමින් විනාශය කරා දිව යන, දුක් ලබාදෙන, අනිත්‍ය වූ, අනාත්ම වූ, හේතු ඵල දහමින් සකස් වූ දෙයක් ම යි. ශරීරයට ලැබෙන පහස නිසා ඇති වන සිතිවිලිත් අනිත්‍ය යි. දුක් ලබා දෙන දෙයක් ම යි. හේතූන් ඇති වන ආකාරයට ඇති වන, හේතූන් නැති වන විට නැති වී යන හේතු ඵල දහමක් පමණ යි. පාලනය කළ නොහැකි අනාත්ම දෙයක් ම යි.
කය නිසා ඇති වන සිතිවිලි අනිත්‍ය යි. අනිත්‍යය යි. අනිත්‍යය යි. සිතිවිලි නිසා දුකක් ම යි ලැබෙන්නේ. දුකක් ම යි ලැබෙන්නේ. සිතිවිලි අනාත්ම යි. අනිත්‍ය යි. දුක යි. අනාත්ම යි. සියලු සිතිවිලි අත්හරිම්. අත්හරිම්. අත්හරිම්… සිතිවිලි අත්හැරී ගිය ඒ ශාන්ත සුවයෙන් සැම දෙන සැනසෙත්වා!