මරණ බිය විතරක් අරන් බලන්න. ඒක සුළු පටු එකක් එහෙම නෙමෙයි.ඔබ අසවල් දවසේ, අසවල් වෙලාවට මැරෙනවයි කියලා, කවුරු හරි පිළිගන්නට පුළුවන් කෙනෙක් කිව්වොත්, භය ඇති වෙනවා. ඕක මතක් වෙන සැරයක් සැරයක් ගානේ එදා ඉඳලා හරි සන්තෝෂයක් දැනෙනවාද? හිතන්නේ මට මේ කරදරයෙන් නිදහස් වෙලා එගොඩට යන්ට ලැබෙයිද කියලා. "අමත" නොමැරී ඉන්ට ඇත්නම් කොච්චර නම් අගේද? නොමැරී ඉන්ටයි උපාය යොදන්ට තියෙන්නේ. උපදින්නේ නැතුව ඉන්ට ඕන.උපන්නොත් මැරෙනවා.
Let's look at the fear of death, which is not a simple thing. If someone you believed in told you that you would die on this day at this time, it would cause fear in you. From that day on would you feel happiness every time you thought of that? You would wonder whether you can escape this problem and gain freedom from it. "Amatha," how wonderful would it be to live without ever dying? One has to be clever to be without death. One has to not be re-born. If you are born you also die.
- විදර්ශනා.ඔර්ග් පිටුවෙනි -
නිවන දෙවන කොටස
"මිනිහෙක් වෙලා උපදිම්වා, දෙවියෙක් වෙලා උපදිම්වා, බුද්ධිමතෙක් වෙලා උපදිම්වා, ධනවතෙක්, බලවතෙක් වෙලා උපදිම්වා," මේ විදිහේ ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. ඒ හැම එකකම තියෙන්නේ ඇලීම. ඒකට කියනවා "භව රාග" කියලා, "භව තණ්හා" කියලා. නමුත් නිවන කියන්නේ කුමක්ද කියා අවබෝධ කරගෙන ප්‍රාර්ථනා කිරීමේ දී එහි කිසිම ඇලීමක් ඇතිවන්නේ නැහැ. ඇයි? ඒක ද්‍රව්‍යාත්මක එකක් නොවෙයි. භූතාත්මක නොවෙයි. ඒ නිසා ඇලෙන්නට දෙයක් නැහැ. එහි නිදහස් වීමක් තියෙනවා. මේ නිදහස් වීම නිසා ඇලීමක් නැහැ. "ඛේමං" භය කුත් නැහැ. භය වෙන්ට දෙයක් නැහැ.
Nibbana II
One could have wishes like this, "May I be re-born as a human being, may I be re-born as a divine being (deva), may I be re-born as an intelligent person, may I be re-born as a wealthy and powerful person." In all these there is attachment. This is referred to as "bhava raga" and "bhava tanha." But when one aims for Nibbana with an understanding of what it is, there is no attachment there. Why? Because Nibbana is not a material or created thing. So there is nothing to be attached to. With Nibbana there is emancipation and there is no attachment in that. "Kheman," there is no fear or anything to fear.
- බුදුසරණ පුවත්පතෙනි -
0 comments:
Post a Comment